24 C
Colombo
Monday, March 17, 2025

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

- Advertisement -

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා.

අද (15) අනුරාධපුර පැවති ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, මෙම අපරාධවලට ඇසින් දුටු සාක්ෂි පවතින බැවින් වහාම ක්‍රියාත්මක වී චූදිතයින්ට එරෙහිව පියවර ගත යුතු බවයි.

එහි පළමු පියවර ලෙස හිටපු රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත යුතු බවත් ඒ ඔස්සේ විමර්ශන දියත් කළ හැකි බවද පුබුදු ජයගොඩ මහතා පවසා සිටියා.

“ජනාධිපතිවරයාට පුළුවන් CID එකට නියෝග කරන්න, මේ සම්බන්ධ සම්පූර්ණ විමර්ශනයක් කරලා සැකකරුව අත්අඩංගුවට ගන්න. රනිව අත්අඩංගුවට ගන්න ඩග්ලස් පීරිස්ව අත්අඩංගුවට ගන්න…. ඩග්ලස් පීරිස් මැරිලා නැහැ එයා ඉන්නවා …මේක දේශපාලනික පළිගැනීමක් නෙමෙයි, අපේ සහෝදර සහෝදරියෝ දසදහස් ගණනක් මරපු එකට අපි ඕනනම් සමාව දෙන්නම්.. මේ ඉල්ලන්නේ සංක්‍රාන්තික යුක්තිය,වුණේ මොකක්ද කියලා ලෝකය දැනගත යුතුයි”

RECENT ARTICLES - SINHALA

වර්ජනය අත්හිටුවලා

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දෙදින සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන්...

හෝලි සමරන්න ඇමති වසන්ත ගිහින්

ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ හෝලි උත්සවය ඊයේ (15) කොළඹදී සැම‍රීම සිදුකෙරුණා. එහිදී ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය...

විජිතගේ පුද්ගලික ලේකම් ගැන දයාසිරිගෙන් අනාවරණයක්

විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතාගේ පුද්ගලික ලේකම්වරයා ස්ත්‍රීන්ට අතවර කිරීමේ චෝදනා ලද පුද්ගලයෙක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (15)...

POPULAR ARTICLES