25 C
Colombo
Monday, March 17, 2025

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

- Advertisement -

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමකතද වැසි ඇතිවිය හැකියාව තිබෙනවා.

දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතිනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ ක්ලීන් කරන්න ට්‍රැක්ටරයෙන් එනවා – අසේල සම්පත්

ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී  කොළඹ මහ නගර සභාවට තරඟ කිරීම සඳහා බත්තරමුල්ලේ සීලරත්න හිමිගේ නායකත්වයෙන් යුතු...

ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට සැකකරුවන් 8ක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්, ජබොස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී පසුගිය 15 වැනිදා තියුණු ආයුධ වලින් පහරදි පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු පොලිසිය විසින්...

දේශබන්දුගේ රිට් පෙත්සමේ නියෝගය අද

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සමේ නියෝගය අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද...

POPULAR ARTICLES