25 C
Colombo
Monday, March 17, 2025

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

- Advertisement -

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල, පල්ලම, මාපලගම, මහනාන්නේරිය සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙක්.

ඊයේ (15) රාත්‍රී කාලයේදී අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ නගරයේදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී රිවොල්වර අවියක් එම පතරොම් 02ක් හා 9mm වර්ගයේ පතරොමක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 29ක් වූ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තවද ඊයේ දහවල් කාලයේදී රස්නායකපුර පොලිස් වසමේ මගුරන්කඩවල ප්‍රදේශයේදී රස්නායකපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙරට නිශ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 73ක් වූ පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම, පිටිගල පොලිස් වසමේ පැල්පිට වත්ත ප්‍රදේශයේදී පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිශ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28ක් වූ මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර, ඊයේ දහවල් කාලයේදී අම්පාර පොලිස් වසමේ තිස්සපුර ප්‍රදේශයේදී අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 48ක් වූ තිස්සපුර, අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම නාන්නේරිය පොලිස් වසමේ ඉගිණිමිටිය රක්ෂිතයේ කාටුවැව ප්‍රදේශයේදී නාන්නේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 33ක් වූ මහනාන්නේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

RECENT ARTICLES - SINHALA

මම දේශබන්දු හංගගෙන නැහැ-ටිරාන්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට රැකවරණය දී තමා විසින් සඟවාගෙන සිටින බවට ඇතැම් සමාජ මාධ්‍යවල යන ප්‍රචාර රට හිනස්වන විහිලුවක් බව හිටපු මහජන ආරක්ෂක...

කලහකාරීව හැසිරුණූ එකම පවුලේ 5ක් අත්අඩංගුවට

පුද්ගලයෙකු පහර දුන් බව පවසා හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු සහ පහර දුන්...

Breaking : දේශබන්දුගෙන් උසාවියට ජිල්මාට් එකක්

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්‍ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඔහුගේ...

POPULAR ARTICLES

ඇමරිකාව යේමනයේ හූති සටන්කාමීන්ට එල්ල කළ ප්‍රහාරවලින් 53ක් මරුට

ඇමරිකාව, යේමනයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින්  මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති බව හූති සටන්කාමීන්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අදාළ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මිය...

මම දේශබන්දු හංගගෙන නැහැ-ටිරාන්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට රැකවරණය දී තමා විසින් සඟවාගෙන සිටින බවට ඇතැම් සමාජ මාධ්‍යවල යන ප්‍රචාර රට හිනස්වන විහිලුවක් බව හිටපු මහජන ආරක්ෂක...

කලහකාරීව හැසිරුණූ එකම පවුලේ 5ක් අත්අඩංගුවට

පුද්ගලයෙකු පහර දුන් බව පවසා හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු සහ පහර දුන්...