25 C
Colombo
Wednesday, March 19, 2025

අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි

- Advertisement -

නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා.

තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලය තිබෙන බව ඇය තවදුරටත් පවසා සිටියා.

එහිදී අදහස් දක්වමින් ඇය පැවසුයේ,

”අපි පැහැදිලිව කියන්න ඕන වැදගත්ම දේ තමයි අපේ රජයේ ජනප්‍රියතාවය වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ.අපි ජනතාවට එරෙහිව ජනතාව පගා දමන ආකාරයේ ක්‍රියාමාර්ග ගන්නේ නැහැ.ජනතා විරෝධී දේශපාලනය කරන අයගෙ තියෙන බයක් තමයි ආණ්ඩුව ගත්තට පස්සේ ජනතාවට විරුද්ධව වැඩ කරන නිසා ජනප්‍රියතාවය අඩු වෙයි කියන එක.මම හිතන්නේ නැහැ අපේ රජයට ඒ ප්‍රශ්නය තියනවා කියලා.දැනට අපි මැතිවරණ ක්‍රියාවලිය පවත්වා ගෙන යමින් තියනවා.පළාත් සභා මැතිවරණ තියන්න අවශ්‍යයි.අලුතින් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ප්‍රශ්නයට වඩා මේක පාටිසාන් කරන්න අවශ්‍ය නැහැ.අපිට තුනෙන් දෙකේ බලයක් තියනවා අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලය තියනවා .මේක දේශපාලන පක්ෂ අතර තරඟයක් ඇති කිරිමට කිසිම අවශ්‍යතාවයක් නැහැ.අපි නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් අරන් එනවා.විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ලබා දීපු පොරොන්දු අනුව කටයුතු කරනවා.මේ අවස්ථාවේ කමිටු පත් කිරිමක් හෝ මෙම යෝජනාවට අනුව කටයුතු කිරිම අවශ්‍යතාවයක් නැහැ”

අද (17) පාර්ලිමේන්තුවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා විසින් කළ යෝජනාවට පිළිතුරු දෙමින් මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය මේ බව පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට ඇයි මෙච්චර බය – තලතා අතුකෝරළ

භීෂණ සමයේ ඝාතනය වූ සියලු දෙනා වෙනුවෙන් පරික්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ පවසනවා. අද (18) මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය...

නිලධාරීන්ගේ පහරදීමකින් රැඳවියෙක් මරුට

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබෙනවා. අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටයි. අයිස්...

වැලිකන්ද හිටපු OIC අල්ලන්නැයි නියෝගයක්

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද (18) නියෝග කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය අවසන්

සෞඛ්‍ය වෘත්තිය සමිති 19ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(19) උදෑසන 7.00 ට අවසන් වුණා. අයවැය යෝජනා මගින් සිය දීමනා කප්පාදු වී ඇති බව පවසමින් ඊයේ(18)...

රනිල්ට ඇයි මෙච්චර බය – තලතා අතුකෝරළ

භීෂණ සමයේ ඝාතනය වූ සියලු දෙනා වෙනුවෙන් පරික්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ පවසනවා. අද (18) මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය...

නිලධාරීන්ගේ පහරදීමකින් රැඳවියෙක් මරුට

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබෙනවා. අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටයි. අයිස්...