32 C
Colombo
Wednesday, March 19, 2025

දේශබන්දු අල්ලන්න තවත් පොලිස් කණ්ඩායම් 04ක්

- Advertisement -

වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයද නියෝග කර ඇති පසුබිමක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා තවත් පොලිස් කණ්ඩායම් 04ක් පත් කර තිබෙනවා.

ඒ දැනට පත් කර ඇති පොලිස් කණ්ඩායම් 06ටද අමතරවයි.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචානාධිකරණ ඊයේ (17) නියෝග කළා.

අභියාචනාධිකරණය නියෝග කළේ, මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය මස 27 වැනිදා නියෝග කළා.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර සති තුනකට ආසන්න කාලයක් ගතව තිබුණ ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ දක්වා සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පිළිතුරු පත්‍ර රැගෙන ගිය වෑන් රථයකට පාර හරස් කරලා

අ.පො.ස සා/පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අතරමග නවත්වා බාධා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. හැටන් ශ්‍රීපාද...

Breaking: දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස්පති...

ගාල්ල නගර සභාව රුපියල් කෝටියක් පැත්තකට දාලා

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ  ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන්  අයවිය යුතු රුපියල් 13,904,589 ක් නගර සභාව අයකොට නොතිබු බව...

POPULAR ARTICLES