32 C
Colombo
Wednesday, March 19, 2025

පොහොර සහනාධාර මුදල් සොරාගෙන- ඇමති නාමල්

- Advertisement -

රජය විසින් ලබාදුන් පොහොර සහනාධාර මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති අතර, එම මුදල් සොරාගෙන තිබෙන බවට අනාවරණය වු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

අද (18) පාර්ලිමේන්තුවේදී සුසන්ත කුමාර නවරත්න මන්ත්‍රීවරයා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළා.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගොවීන් 155 දෙනෙකුට ලබාදුන් පොහොර සහනාධාර මුදල් රුපියල් 2,934,310ක් සොරගෙන ඇති බවට අනාවරණය වූ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් නිලධාරිනියක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඇතැම් ගොවීන්ගේ පොහොර සහනාධාර මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනය සිදුකරන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

පිළිතුරු පත්‍ර රැගෙන ගිය වෑන් රථයකට පාර හරස් කරලා

අ.පො.ස සා/පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අතරමග නවත්වා බාධා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. හැටන් ශ්‍රීපාද...

Breaking: දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස්පති...

ගාල්ල නගර සභාව රුපියල් කෝටියක් පැත්තකට දාලා

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ  ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන්  අයවිය යුතු රුපියල් 13,904,589 ක් නගර සභාව අයකොට නොතිබු බව...

POPULAR ARTICLES