32 C
Colombo
Wednesday, March 19, 2025

ලලිත් – කූගන් නඩුව විභාගයට

- Advertisement -

ලලිත් සහ කුගන් පැහැරගෙන අතුරුදන් කිරීමට අදාළ අභියාචනාධිකරණ නඩුව අද (18) විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

2011 වසරේදී, මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පසුගිය වසරේ ඔක්තෝම්බර් 22 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

2011 වසරේ දෙසැම්බර් මස 10 වනදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ හබයාස් කොපුස් පෙත්සමකට අදාළව සාක්ෂි දීම සඳහා එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා පෙනී සිටින ලෙස දන්වා එම අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණා.

තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බවත් අදාළ සිතාසි බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 වසරේ අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබුණා.

එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහු සාක්ෂියට කැඳවිය නොහැකි බවට නියෝගයක් නිකුත් කර තිබුණා.

අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට ජනාධිපති ධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පිළිතුරු පත්‍ර රැගෙන ගිය වෑන් රථයකට පාර හරස් කරලා

අ.පො.ස සා/පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අතරමග නවත්වා බාධා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. හැටන් ශ්‍රීපාද...

Breaking: දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස්පති...

ගාල්ල නගර සභාව රුපියල් කෝටියක් පැත්තකට දාලා

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ  ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන්  අයවිය යුතු රුපියල් 13,904,589 ක් නගර සභාව අයකොට නොතිබු බව...

POPULAR ARTICLES