32 C
Colombo
Wednesday, March 19, 2025

අස්වැසුම වෙනස් වෙලා

- Advertisement -

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා

අද (18) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවා.

2023-07-01 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, අංක 2415/66 හා 2024-12-21 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම යෝජනා ක්‍රමය අවසාන වරට සංශෝධනය කරනු ලැබුවා.

2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුළ දැනට බලපවත්නා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ප්‍රතිලාභ පහත සඳහන් පරිදි සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙලෙස හිමිව තිබෙනවා.

එ් අනුව,

*අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ I වන උපලේඛනයේ අඩංගු සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමිවන කාලපරිච්ඡේදය 2025-04-30 දක්වා දීර්ඝ කිරීම.

*එකී යෝජනා ක්‍රමයේ II වන උපලේඛනයේ අඩංගු ආබාධ සහිත තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල සහ වකුගඩු ආධාර ලබන තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීම සහ වැඩිහිටි තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීම සහ එම තීරණය 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීම.

*II වන උපලේඛනයේ දැක්වෙන ආධාර ලබන ආබාධ සහිත තැනැත්තන් සඳහා දීමනාව, වකුගඩු රෝගී තැනැත්තන් සඳහා වන දීමනාව සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන දීමනාව ඉහත යෝජනාවලට යටත්ව, ගෙවීම් කාලසීමාව 2025-12-31 දක්වා දීර්ඝ කිරීම.

*2025 අප්‍රේල් මාසයෙන් පසු සංක්‍රාන්තික සමාජ කාණ්ඩය යටතේ දීමනා ගෙවීම නතර වුවත්, එම පවුල්වල සිටින ආබාධ සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා පිරිනමනු ලබන ප්‍රතිලාභ දීමනා ගෙවීම් කාලසීමාව 2025-12-31 දක්වා දීර්ඝ කිරීම.

*අලුතින් ඉදිරිපත් වී ඇති ආබාධ සහිත තැනැත්තන් සහ වකුගඩු රෝගීන්ගේ අයදුම්පත් උපරිම සීමාවට යටත්ව, ඇතුළත් කර ගනිමින් සුදුසුකම් ලබන්නන්ට 2025‑12‑31 දින දක්වා අදාළ දීමනා ගෙවීම.

RECENT ARTICLES - SINHALA

පිළිතුරු පත්‍ර රැගෙන ගිය වෑන් රථයකට පාර හරස් කරලා

අ.පො.ස සා/පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අතරමග නවත්වා බාධා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. හැටන් ශ්‍රීපාද...

Breaking: දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස්පති...

ගාල්ල නගර සභාව රුපියල් කෝටියක් පැත්තකට දාලා

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ  ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන්  අයවිය යුතු රුපියල් 13,904,589 ක් නගර සභාව අයකොට නොතිබු බව...

POPULAR ARTICLES