27 C
Colombo
Wednesday, June 4, 2025

Booking.com එකත් එක්ක තරඟ කරන්න අපි අලුත් එකක් ගේනවා – විජිත

- Advertisement -

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන සංචාරකයින් මාර්ගගත ක්‍රමයට සිදු කරන හෝටල් කාමර වෙන් කිරීම සඳහා දැනට මෙරට තුළ පවතින එකම ආයතනය වෙනුවට නව ආයතන කිහිපයක් ආරම්භ කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විදේශ කටයුතු, සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

පසුගි 15 වැනිදා පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ එමගින් මාර්ගගත ක්‍රමයට සිදු කරන සංචාරක නවාතැන් වෙන් කිරීම සඳහා එක් ආයතනයක් වටා ඇති ඒකාධිකාරිය එමගින් බිඳ දැමිය හැකි බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා :

“හෝටල් කාමර බුක් කිරීම online booking හරහා වෙන එක, එක ආයතනයක අධිකාරියකට යටත් වෙලා තියනවා. අපි දැන් ආරම්භ කරලා තියනවා ලංකාවේ දේශීය සමාගම් එක්ක සාකච්ඡා. අපි ඔවුන්ට කියලා තියනවා වෙනත් ආයතන කීපයක් පටන් ගමු. දැනට ක්‍රියාත්මක වෙන එකත් ලියාපදිංචි කරන්න ඕන. booking.com එක. ඇත්තටම ගත්තොත් අපිට ලබා දිය යුතු බදු මුදල් ලබා දෙන්නේ නැහැ. දැනට ඒගොල්ලෝ විශාල ලාභයක් රටෙන් අරන් යනවා. ඒක වෙනස් කළ යුතුයි. මම කියන්න සතුටුයි. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් වල ඉන්න ශ්‍රී ලාංකික කණ්ඩායමක් ඒ bookin.com එක වෙනුවට තව අලුත් OTP එකක් ආරම්භ කරලා තියනවා. ඉතින් එවැනි ඒවා දැන් අපි ඉස්සරහට දියුණු කරාම ඒ promotion හරහා ඒ තියන ඒකාධිකාරිය ටිකෙන් ටික වෙනස් කරගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ගේ මඩකලපු කාර්යාලයේ තිබි සොයාගත් දේ

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය ආශ්‍රිත පරීක්ෂා කිරීම් තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. එහි තිබී ජංගම දුරකතන කිහිපයක් සහ සැටලයිට් දුරකතනයක් ද...

කොළඹ රැස්වෙන දවස මෙන්න

කොළඹ මහ නගර සභාවේ ප්‍රථම රැස්වීම ජුනි 16 වැනිදා රැස්වීමට නියමිතයි.  ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි...

දේශබන්දු හැංගිලා හිටියේ නැහැ-දේශබන්දුගේ නීතිඥවරයා

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සදහා පත්කළ...

POPULAR ARTICLES