32 C
Colombo
Monday, March 24, 2025

දේශබන්දුට ඇප දෙනවා ද ? නැද් ද?

- Advertisement -

රක්ෂිත බන්ධනාගාරගත කළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේවය අත්හිටුවන ලැබ සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ඔහු කළ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව අද පස්වරු 2.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

දුටු තැන අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග ලැබ සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා.

එහිදී මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේ, අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

පසුව ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.

2023 දෙසැම්බර් 31 වැනි දා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 27 වැනිදා නියෝග කළා.

දින 20ක් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට භාර වුණේ මෝසමක් ගොනු කරමින්.


RECENT ARTICLES - SINHALA

මර්වින් සිල්වා යළිත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස්...

කෝපා කමිටුව හමුවේ අසරණ වුණු RMV නිලධාරීන්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ව්‍යාජ ලේඛන යොදා ගනිමින් අත්ට්‍රැක්ටර් ගෙන්වන මුවාවෙන් සුඛෝපබෝගි මෝටර් රථ ගෙන්වීමේ වංචනික ක්‍රියාවක් පසුගිය කෝපා කමිටුවේදී අනාවරණ වුණා. 22 වනදා...

නව විදේශ තානාපතිවරු තුනක්

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24)  ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා. ප්‍රංශය,...

POPULAR ARTICLES

මර්වින් සිල්වා යළිත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස්...

කෝපා කමිටුව හමුවේ අසරණ වුණු RMV නිලධාරීන්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ව්‍යාජ ලේඛන යොදා ගනිමින් අත්ට්‍රැක්ටර් ගෙන්වන මුවාවෙන් සුඛෝපබෝගි මෝටර් රථ ගෙන්වීමේ වංචනික ක්‍රියාවක් පසුගිය කෝපා කමිටුවේදී අනාවරණ වුණා. 22 වනදා...

දේශබන්දු වෙනුවෙන් නාමල් පෙරට

වත්මන් ආණ්ඩුව දේශබන්දු තෙන්නකෝන්ව සොයායෑමට කටයුතු කළ අකාරයත් දේශබන්දු තෙන්නකෝන් කළ ක්‍රියාවත් දෙකම එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,...