25 C
Colombo
Sunday, March 23, 2025

රිලව් මරලා දාන්න මන්ත්‍රී කෙනෙක්ගෙන් යෝජනාවක්

- Advertisement -

වගාවට හානි කරන රිලව් මරා දැමිය යුතු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පවසනවා.

වගා බිමට පැමිණෙන රිලව් මරා දැමීමට අවශ්‍ය බවට ලාල් කාන්ත අමාත්‍යවරයාද පවසා තිබුණු බවට සඳහන් කරමින් දිලිප් මන්ත්‍රීවරයා කියා සිටියේ, තමන්ද එම කතාව අනුමත කරන බවයි.

එබැවින් රිලවුන්ගේ ගැටලුවට ආණ්ඩුව වහාම වැඩපිළිවෙළක් සකසා දිය යුතු බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

” අපිට තුන්වේලට කන්න පොල් ඕන.බත් ඕන. මාළු ඕන. ඒවා අපේ ප්‍රධාන ආහාර.රිලා ප්‍රශ්නයට ආණ්ඩුව වහාම වැඩපිළිවෙළක් හදන්න ඕන”

කෙසේවෙතත් සිය වගා බිමට පැමිණෙන ඕනෑම වන සතෙකු මරා දැමීමට ගොවීන්ට කිසිදු නීතිමය බාධාවක් නැති බවට ලාල්කාන්ත අමාත්‍යවරයා පසුගිය වසරේ දෙසැම්බර් මසක පාර්ලිමේන්තුවේ දී පවසා සිටි අතර මෙය වගකීම් විරහිත බරපතළ ප්‍රකාශයක් බව විවිධ පාර්ශ්වයන් විසින් චෝදනා එල්ල කළා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දෙ ගැන පොලිසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව...

කොළඹ – නුවර මාර්ගයේ බස් රථ දෙකක් ගැටී 35කට තුවාල

කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. මීට සුළු මොහොතකට...

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක්

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කරුණු කිහිපයක්...

POPULAR ARTICLES

පුංචි ඡන්දෙ ගැන පොලිසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව...

දෙවුන්දර ඝාතනයට කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අල්ලයි

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකළ පොලීසිය...