28.8 C
Colombo
Wednesday, March 26, 2025

උමන්දාවේ බිලක් ආණ්ඩුවෙන් ගෙවලා

- Advertisement -

වෙළද හා වාණිජ ආහාර සුරක්ෂතතා සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති කුලි ගොඩනැගිල්ලේ බිම්මහලේ තිබෙන උමන්දාව ග්‍රීන් හට් වෙළද ආයතනය වෙත උප බඳු දීමේදී වංචාවක් සිදුවි තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා පැවසුවා.

ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පවසා සිටියා.

සුනිල් රත්නසිරි මහතා පවසා සිටියේ මෙම වෙළද ආයතනයේ මුලික කටයුතු ආරම්භ කිරිම සඳහා‍ ආර්ච් ඉන්ටර්නැශනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් මිලියන 28 ක් හා ලිමා කන්ස්ට්‍රක්ශන් පුද්ගලික සමාගම විසින් මිලියන 34 මිලක් ඉදිරිපත් කර තිබු බවයි

එලෙස ලිමා කන්ස්ට්‍රක්ශන් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ මිලියන 34ක මුදල අභිලාශ ඉදිරිපත් කිරිමේ කමිටු වාර්තාවේදී මිලියන 73 ලෙස වෙනස් කර ඇති බවත් එය කාගේ වුවමනාව මත සිදු වුවක්ද යන්න මන්ත්‍රීවරයා විමසා සිටිනවා.

පසුව මෙම කොන්ත්‍රාත්තුව ආර්ච් ඉන්ටර්නැශනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට ලබා දී තිබෙන බව පැවසු සුනිල් රත්නසිරි මහතා මෙම ගිවිසුම අත්සන් කළ මෙහොතේ දීම මිලියන 20 මුදල ලබා දී තිබෙන බව පැවසුවා.

ඒ අනුව උමන්දාවේ ග්‍රීන් හට් වෙළද ආයතනය විසින් මෙහි මාසික කුලි ලෙස තුන්ලක්ෂ විසිහත්දහස් හයසියක මුදලක් ගෙවිය යුතු වුවද එම මාසික කුලිය පවා අමාත්‍යංශය මඟින් සිදුකර තිබෙන බව සුනිල් රත්නසිරි මහතා පෙන්වා දුන්නා

RECENT ARTICLES - SINHALA

සමුපකාරය දියුණු කරන්න කැබිනට් අනුමැතිය

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1949 අංක 47 දරණ සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පහක් පරිච්ජින්න කර, එම ආයතනය ඈවර...

විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදෙන්නන්ට තද නීති

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා. කෙසේ නමුත් ඒ හේතුවෙන් පසුගිය...

මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම  මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු...

POPULAR ARTICLES

අවුරුදු සහන මල්ලට කැබිනට් අනුමැතිය

"කාලීන ආහාර පැකේජය" ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක්...

තමිම්ගෙන් ක්‍රිකට්ලෝලීන්ට පණිවුඩයක්

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකරනු ලැබූ බංග්ලාදේශ ක්‍රිකට් හිටපු එක්දින නායක තමීම් ඉක්බාල් මේ වනවිට සුවය ලබමින් සිටින බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඔහු...

සමුපකාරය දියුණු කරන්න කැබිනට් අනුමැතිය

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1949 අංක 47 දරණ සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පහක් පරිච්ජින්න කර, එම ආයතනය ඈවර...