29.1 C
Colombo
Saturday, March 29, 2025

Breaking: දේශබන්දු යළි රිමාන්ඩ්

- Advertisement -

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) පෙරවරුවේ අධිකරණයට භාර වූයේ නීතිඥවරුන් විශාල පිරිසක් සමඟයි.

ඒ, එම නියෝගය නිකුත් කර දින 20ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුවයි.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත මොහු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය මස 27 වනදා අධිකරණය නියෝග කළා.

එවන් පසුබිමක තමන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පසුගියදා තීන්දු කළා.

මෙවැනි තත්වයක් හමුවේ දේශබන්දු තෙන්නකෝන් සොයා ඔහුගේ නිවස ඇතුලු ස්ථාන කිහිපයක් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ සෝදිසියට ලක් වූ අතර එහෙත් ඔහු සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

පර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ, පොලිස්පතිවරයා අධිකරණයට භාර වූයේ ඔහුගේ වන්කම් තහනම් කිරීම සඳහා නියෝගයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි අවස්ථාවේදී බවයි.

ඒ අනුව, ඊයේ අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මාතර මහේස්ත්‍රාන් අරුණ බුද්ධදාස ඊයේ නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

මුස්ලිම් පාසල්වලට ලැබෙන නිවාඩුව ගැන දැනුම්දීමක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව...

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් රුපියල් මිලියන 49 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක්  තලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයමුකදී කේරළ...

පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදී තරුණයෙක් මරුට

මිනුවන්ගොඩ - පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, ගම්පහ - ගනේමුල්ල...

POPULAR ARTICLES

රනිල් සර් ගැන කියමින් දොඩම්පහළ අඬාවැටෙයි (වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා. එහිදී...