28.8 C
Colombo
Wednesday, March 26, 2025

දේශබන්දුගේ නඩුවේ අනෙක් සැකකරුවන් හෙට අධිකරණයට

- Advertisement -

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ‘W15’ හෝටලයට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවන් ලෙස නම් කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා හෙට දිනයේ මෝසමක් මඟින් අධිකරණයට භාර වීමට නියමිතව තිබෙනවා.

ඊයේ (19) දින අධිකරණයට භාරවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (20) සලකා බැලුණු අතර එහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව දැනුම් දුන්නා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වනතෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී ඇති බවද එම නිවේදනයේ සඳහන් වුණා.

RECENT ARTICLES - SINHALA

සමුපකාරය දියුණු කරන්න කැබිනට් අනුමැතිය

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1949 අංක 47 දරණ සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පහක් පරිච්ජින්න කර, එම ආයතනය ඈවර...

විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදෙන්නන්ට තද නීති

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා. කෙසේ නමුත් ඒ හේතුවෙන් පසුගිය...

මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම  මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු...

POPULAR ARTICLES