26.2 C
Colombo
Wednesday, March 26, 2025

දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙලා

- Advertisement -

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද (20) පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව පාර්ලිමේන්තු සන්නිවේදනය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්වුණා.

ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වුවා.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ඉකුත් මාර්තු 1වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙම දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) සිය සහතිකය සටහන් කළා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 2 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක බව පාර්ලිමේන්තු සන්නිවේදනය දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතනවල අක්‍රමිකතා ගැන විශේෂ විමර්ශනයක්

පළාත් පාලන ආයතනවල පසුගිය කාලයේ සිදු වූ විවිධ අක්‍රමිකතා හා වංචා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය...

අසපුවක් තුළදී හිමිනමක් ඝාතනය කරලා

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුළදී තියුණු ආයුධකින් පහර දී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඊයේ (25) දහවල් කාලයේ එප්පාවල පොලිස්...

බොරු නොකියා බැරි නම් බැහැ කියලා කියන්න – නාමල්

වත්මන් රජය මැතිවරණ කාලයේදී පොරොන්දු ගණනාවක් ලබාදී බලයට පැමිණි නමුත් දැන්, අර්බුදය මෙතරම් ගැඹුරු බව අපි දැනගෙන නොසිටි බවට ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා...

POPULAR ARTICLES