උමන්දාව යටතේ ක්‍රියාත්මක ආයතනයක් වෙළෙඳ අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමට අදාළ ගිවිසුම්ගත වීමේදී රජයට දැවැන්ත වංචාවක් සිදුව ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව උමන්දාව විශ්ව ගම්මානයේ නිර්මාතෘ පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් පවසනවා.
මන්ත්‍රීවරයා ඊයේ (19) පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ අද (20) මේ බව පවසා සිටියා.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සිරි සමන්තභද්‍ර හිමි,
“46 ලක්ෂ 55,000ක් සතොසට ගෙවලා තියෙනවා ග්‍රීන්හට් වෙනුවෙන් බිම් කුලිය වශයෙන්. ඊට අමතරව ලක්ෂ 10ක් අපේ තැම්පතුවකුත් තියෙනවා.ඔය ප්‍රකාශය කළේ සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමා…,මන්ත්‍රීතුමෝ ඕවා කියවන්න පුළුවන්. මේවත් අරගෙන කියෙව්වා නම් තමයි හොඳ. බොරු කියලා ලෝකේ රවට්ටන්න බෑ දැන්.
ඔබතුමාලගේ ෆයිල් වැඩකරන්නේ නෑනේ…අපේ ෆයිල් හොඳට වැඩකරනවා. මේ බොරු කීම දැන් නවත්වමු. හොඳ වැඩකරන මිනිස්සුන්ට මඩගහන්නේ නැතුව, ඒ වැඩකරන මිනිස්සුත් එක්ක ඔබතුමාලා එකතු වුණානම් හරිනේ”