32 C
Colombo
Wednesday, April 2, 2025

ගර්භණී භාවය අවසන් කිරීමේ නීතිය ගැන තීරණයක්

- Advertisement -

විශේෂඥ වෛද්‍යවරුන් විසින් සනාථකළ ඉතා බරපතළ විකෘතිභාවයන්ට ලක්ව තිබෙන කලලයන් නීත්‍යනුකූලව ඉවත්කිරීමට නීති සම්පාදනය කිරීම පිළිබඳ අද (21) පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් වුණා.

මෙහිදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේ, වෛද්‍ය නිර්දේශ මත ගර්භණීභාවය අවසන් කිරීමේ නීති කඩිනමින් සම්පාදනය කර ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙසයි.

ඉතා බරපතළ විකෘතිභාවයන්ට පත්ව තිබෙන කලල ඉවත්කිරීමට දීර්ඝකාලයක සිට සාකච්ඡා කළත් එය ක්‍රියාවට නැංවීමට නොහැකි වූ බවට ඔහු පෙන්වාදුන්නා.

මෙහිදී පිළිතුරු දුන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ, ගබ්සාව සඳහා ආරක්ෂිත වෛද්‍යමය ගැබ් ගැනීමක් සිදු කිරීමට සහ ගැබ් ගැනීම අවසන් වීමට පෙර කලලයට හෝ කලලයට බරපතල හානියක් සිදුවුවහොත් එවැනි ගැබ් ගැනීමක් අවසන් කිරීමට ඉඩ සැලසීමට රජය නීති සංශෝධනය කරනු ඇති බවයි.

එමෙන්ම රජයේ ධුර කාලය වසර හතරහමාරකින් අවසන් වන අතර, එම කාලයට පෙර ආරක්ෂිතව ගැබ් ගැනීම අවසන් කිරීම සම්බන්ධ නීති වෙනස් කරන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර :

“මේක වටේ යනවා හෝ නොකර ඉන්නවා නෙමෙයි. තව අවුරුදු හතර හමාරක් අපේ රජයට තියෙනවා. නමුත් මේ වැඩේ කරන්න අවුරුදු හතර හමාරක් යන්නේ නෑ” ගබ්සාව සඳහා ආරක්ෂිත වෛද්‍යමය ගැබ් ගැනීමක් (ගබ්සාව) සිදු කිරීමට සහ ගැබ් ගැනීම අවසන් වීමට පෙර කලලයට හෝ කලලයට බරපතල හානියක් සිදුවුවහොත් එවැනි ගැබ් ගැනීමක් අවසන් කිරීමට ඉඩ සැලසීමට රජය නීති සංශෝධනය කරනු ඇත,”


RECENT ARTICLES - SINHALA

පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

නිලාවේලි පොලිස් වසමේ නිල ඇඳුමින් සැරසි සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මාර්තු...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල මෙන්න

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. එහි අවම මිල දැක්වෙන්නේ සුදු බිත්තරයක වන අතර එහි මිල...

රාජාංගනයේ සද්ධාරතන හිමි සංඝභාවයෙන් නෙරපා හරී

රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබෙනවා. ඊට අදාළ නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය , බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන...

POPULAR ARTICLES

අමෙරිකානු ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වද්දී, මැදපෙරදිග කලාපයේ සිය යුද ශක්තිය ඉහළ නැංවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. මේ නිසා මැදපෙරදිග...

දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමේ කමිටුව ගැන යෝජනාව පාර්ලිමේන්තුවට එන දිනය

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ යෝජනාව අප්‍රේල් 8 වැනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත්...

පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

නිලාවේලි පොලිස් වසමේ නිල ඇඳුමින් සැරසි සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මාර්තු...