32 C
Colombo
Wednesday, April 2, 2025

රාජ්‍ය ආයතනවල නීතිරීති වෙනස් කරන්න මහජන අදහස් විමසයි

- Advertisement -

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ජනතාව වෙත මෙය නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන සහ පළාත් පරිපාලනය යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක වන්නේ බ්‍රිතානඨ යටත්විජිත සමයේ ආඥා පනත් සහ 1950 සිට 1970 දශකවල පනවනු ලැබූ නීති රෙගුලාසි හා ක්‍රියා පටිපාටි අනුවයි.

එවකට පැවති සමාජ ආර්ථික තත්ත්වය, ප්‍රවාහන හා සන්නිවේදන යටිතල පහසුකම් පදනම් කරගනිමින් මෙම ක්‍රියා පටිපාටි ගොඩනගා ඇති අතර, වර්තමාන සංවර්ධන අවශ්‍යතා සහ මහජන කාර්යයන් ඉටුකිරීමට මෙම ක්‍රියා පටිපාටි කාලීනව සංශෝධනය විය යුතු බව අදාළ අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ අනුව, පහත සඳහන් ආයතනවලින් ලබාගන්නා සේවා සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඇති නීති, රෙගුලාසි හා ක්‍රියා පටිපාටි ගැටලු, එම ගැටලු විසඳීම සඳහා වූ යෝජනා පහත ලිපිනයට එවන ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.

සම්බන්ධීත රාජ්‍ය ආයතන – 

* දිස්ත්‍රික් ලේකම් කාර්යාල
*ප්‍රාදේශීය ලේකම් කාර්යාල
*මහ නගර සභා
*ප්‍රාදේශීය සභා 
*රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
*විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

අදහස් එවිය යුතු ලිපිනය – 

විද්‍යුත් ලිපිනය – inforan@moha.gov.lk
Whatsapp – 00740896768
ලිපිනය – ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය, 17 වන මහළ, නිල මැදුර ඇල්විටිගල මාවත, කොළඹ 05

RECENT ARTICLES - SINHALA

සුපිරි වෙළෙඳසැල් 23කට නඩු

උත්සව සමය තුල වෙළෙඳපොළේ දී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ ඊයේ ( 01)...

බටලන්ද විවාදය පැවැත්වෙන දිනය

බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද  (02) තීරණය කළා. විවාදය එදින...

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා. ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය...

POPULAR ARTICLES