32 C
Colombo
Wednesday, April 2, 2025

Breaking : දේශබන්දුගේ නඩුවේ අනෙක් සැකකරුවන්ට ඇප

- Advertisement -

වැලිගම හෝටලයක් අසල සිදු වූ වෙඩි තැබීමට අදාළව සැකකරුවන් 6 දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා.

එහිදී අදාළ සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස  නියම කෙරුණා.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව ඔවුන් අද (21)  මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබුණා.

මේ අතර, මෙම වෙඩි තැබීමේදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය මස 27 වැනිදා අධිකරණය නියෝග කළා.

විවෘත වරෙන්තු ලැබ, දින 20ක කාලයක් සැගවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණා.

ඒ අනුව, ඔහුව ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළා.

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ඡන්ද විමසීමට අදත් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන කොළඹ මහ නගර...

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. අභියාචනාධිකරණයේ...

හාල් ආනයනය තවදුරටත්

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා. අස්වැන්න නෙලන තත්ත්වයක්...

POPULAR ARTICLES

පළාත් පාලන ඡන්ද විමසීමට අදත් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන කොළඹ මහ නගර...

වසර 56කට පසු ජාත්‍යන්තර තරගාවලියක් ලංකාවට

025 ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය මැයි 12 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ...