32 C
Colombo
Wednesday, April 2, 2025

සියලු පළාත් පාලන ආයතනවල බලය අපිට දෙන්න-ටිල්වින්

- Advertisement -

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන බලයත් ජාතික ජන බලවේගය වෙත ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

අද (21) පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් ඔහු පැවසුවේ ආණ්ඩුව එක් පසෙක සහ පළාත් පාලන ආයතන තවත් පසෙක තැබීමෙන් ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි.

“අපේ රට ගොඩනගනවානම්, රට සංවර්ධනය කරනවානම් රටේ ප්‍රශ්න විසඳීමේදී බිම් මට්ටමේ ක්‍රියාකාරිත්වය භාර ආයතන තමයි පළාත් පාලන ආයතන. ඒ නිසා පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුව සතුව තියෙන එක ඉතා වැදගත්.

මාලිමා ආණ්ඩුව බලයට පත්වෙලා දැන් මාස 5ක් වගේ වෙන්නේ ඒ මාස 5 තුළ අපි අපේ රටේ විශාල වෙනස්කම් ගණනාවක් කරලා තියෙනවා. අපි විශාල මුදල් වෙන් කිරීමක් කරලා තියෙනවා. ආණ්ඩුවේ කටයුතු බිම් මට්ටමේ ක්‍රියාකරන ආයතන තමයි පළාත් පාලන ආයතන. ඒ නිසා ආණ්ඩුවක් විදිහට තීරණයක් අරන් වැඩකරනකොට ඒකත් එක්ක එකට වැඩ කරන පළාත් පාලන ආයත තිබුනොත් තමයි බිම් මට්ටමේදී ආණ්ඩුවේ කාර්ය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ.

ඒ නිසා ආණ්ඩුව එක පැත්තක පළාත් පාලන තවත් පැත්තක තිබුනොත් ප්‍රතිවිරෝධයක් ඇති වෙනවා අවුලක් ඇතිවෙනවා. ඒ නිසා ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්න එවැනි විරුද්ධවාදීන්ට පුළුවන්කමකුත් ලැබෙනවා. ඒ නිසා අපි හිතනවා තර්කාණුකූල දේ තමයි ආණ්ඩුව යමක් පටන් අරන් තියෙනවා ජනතාව අනුමත කරලා තියෙනවා අපි පටන් ගත්ත දේ. ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ මේ කටයුතු තවත් වේගවත්ව කරන්න කියලා. ඒ නිසා ඒවා වේගවත් කරන්න අපිට වැදගත් වෙනවා පළාත් පාලන ආයතන ඒ නිසා පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුව දරන පක්ෂය සතුවීම ඉතා වැදගත් නිසා අපි ජනතාවට කියනවා ආණ්ඩුවේ කටයුතු බිමට ගෙන යෑම සඳහා පළාත් පාලන ආයතන සියල්ලේම බලය මාලිමාවට ලබා දීමට කටයුතු කරන්න කියලා”

RECENT ARTICLES - SINHALA

පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

නිලාවේලි පොලිස් වසමේ නිල ඇඳුමින් සැරසි සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මාර්තු...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල මෙන්න

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. එහි අවම මිල දැක්වෙන්නේ සුදු බිත්තරයක වන අතර එහි මිල...

රාජාංගනයේ සද්ධාරතන හිමි සංඝභාවයෙන් නෙරපා හරී

රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබෙනවා. ඊට අදාළ නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය , බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන...

POPULAR ARTICLES

දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමේ කමිටුව ගැන යෝජනාව පාර්ලිමේන්තුවට එන දිනය

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ යෝජනාව අප්‍රේල් 8 වැනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත්...

පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

නිලාවේලි පොලිස් වසමේ නිල ඇඳුමින් සැරසි සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මාර්තු...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල මෙන්න

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. එහි අවම මිල දැක්වෙන්නේ සුදු බිත්තරයක වන අතර එහි මිල...