26.2 C
Colombo
Wednesday, March 26, 2025

බිඳ වැටුන බලාපොරොත්තු

- Advertisement -

චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් මීට සුළු වේලාවකට පෙර බිඳ වැටුණා.

මෙම ශූරතාවලියේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ සමත්ව තිබෙනවා.

ඔහු සහභාගි වූ අවසන් පූර්ව වටයේ දෙවන තරගය මෙරට වේලාවෙන් ප.ව. 5.33ට පැවති අතර, එහිදී ඔහුට අවසන් ස්ථානයෙන් සෑහීමට සිදුවිය.

තරගය අවසන් කිරීම සඳහා චමෝද් තත්පර 6.70ක කාලයක් වාර්තා කළා.

මෙම වටයේ පළමු ස්ථානය අමෙරිකානු ක්‍රීඩකයෙකුට හිමි වූ අතර, ඔහු තත්. 6.51කින් තරගය අවසන් කළා.

එමෙන්ම දෙවන ස්ථනය තත්. 6.54කින් තරගය අවසන් කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට හිමිවුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනාම අවසන් මහා තරගය සුදුසුකම් ලබාගත්තා.

මෙම ඉසව්වේ මූලික වටයේදී චමෝද් තත්පර 6.70කින් අවසන් කර එම අදියරේ තෙවන ස්ථානය පත්ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනුනා.

RECENT ARTICLES - SINHALA

කාන්තා හිංසනය ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්

මෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ස්ත්‍රී...

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 8 1/2ක් හෙට(27) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30...

පළාත් පාලන ආයතනවල අක්‍රමිකතා ගැන විශේෂ විමර්ශනයක්

පළාත් පාලන ආයතනවල පසුගිය කාලයේ සිදු වූ විවිධ අක්‍රමිකතා හා වංචා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය...

POPULAR ARTICLES

කාන්තා හිංසනය ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්

මෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ස්ත්‍රී...

ප්‍රතිපත්ති අනුපාතිකයේ වෙනසක් නැහැ-මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට...

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 8 1/2ක් හෙට(27) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30...