28.8 C
Colombo
Wednesday, March 26, 2025

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

- Advertisement -

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමේෂ් නදීෂාන් හා පසිදු තාරුක නැමති 28 හා 29 වියේ පසු වූ තරුණයන් දෙදෙනෙක්.

පොලීසිය පවසන්නේ, යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

ඝාතනය වූ තරුණයින් දෙදෙනාගේ යහළුවෙකුගේ උපන්දින සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර, එයට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී පසුපසින් පැමිණි වැන් රථය යතුරුපැදියේ හප්පා තිබෙනවා.

පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉන් පසුව් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39ක්, ජීව උණ්ඩ 02ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම, වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිනිතබා ගොස් තිබියදී හමුවී ඇති අතර එය තුළ ටී-56 තුවක්කුවකට යොදන මැගසීනයක් හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වී තිබෙනවා.

මාතර අතිරේක මහෙස්ත්‍රාත්  මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (22) අළුයම් කාලයේදිම සිදු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

සමුපකාරය දියුණු කරන්න කැබිනට් අනුමැතිය

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1949 අංක 47 දරණ සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පහක් පරිච්ජින්න කර, එම ආයතනය ඈවර...

විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදෙන්නන්ට තද නීති

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා. කෙසේ නමුත් ඒ හේතුවෙන් පසුගිය...

මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම  මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු...

POPULAR ARTICLES