26.2 C
Colombo
Wednesday, March 26, 2025

අපේ පක්ෂයට ඉල්ලුම වැඩිවෙලා – ඩී.වී.චානක

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියටම එන මැතිවරණය ඉදිරි පළාත් පාලන මැතිවරණය බවත් මෙම මැතිරවණයේදී වැඩිම ප්‍රතිශතයකින් ඡන්ද වැඩි කර ගන්නේ පොදුජන පෙරමුණ බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පවසනවා.

පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනි පක්ෂයක් ලෙස සෑම දිස්ත්‍රික්කයකටම නාමයෝජනා ලබාදුන් බවත් පක්‍ෂයෙන් වූ අඩුපාඩු මේවන විට සකසාගෙන නිවැරදි වී ඇති බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී.වී චානක මහතා :

“අපි පසුගිය ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී පසුබෑමකට ලක්වුණා. විශේෂයෙන්ම රටේ තිබුණු ආර්ථික තත්ත්වය, අරගලය ආදී දේවල් සමග පසුබෑමකට පත්වුණා. හැබැයි අද වෙද්දි ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. අපේ පක්‍ෂයට ඉල්ලුම වැඩිවෙලා තියෙනවා. ගිය සැරේ වගේ තුන්ගුණයකට වැඩියෙන් අපේක්‍ෂකත්වයට පිරිස් ඉල්ලුම් කළා. අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ගිය මැතිවරණයට සාපේක්ෂව වැඩිම ප්‍රතිශතයක් ලබාගන්න පක්ෂය බවට පත් කරන්න රටේ ජනතාව බලාගෙන සිටිනවා කියා. ඒ වගේම එදා අපට කරපු චෝදනා සියල්ල අද එකින් එක බොරු වෙමින් යනවා.

මැතිවරණ කටයුතු මාලිමාව අද ආරම්භ කළත් අපි ඇරැඹුවේ මාස කිහිපයකට පෙර. ඒ ‘ගමින් ගමට’ වැඩසටහනත් එක්ක. හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභාවල මේ වෙද්දි රැස්වීම් පවත්වලා අවසන්. ඒ වගේම ලංකාවේ බහුතරයක් දිස්ත්‍රික්කවල මේ වෙද්දි මූලික රැස්වීම් නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවා. ඒ වගේම අපි බිම සමඟ සිටින පක්ෂයක්. අපෙත් අඩුපාඩු තිබුණා. අපි පිටුපසට ගියා. හැබැයි මේ මැතිවරණය තමයි නැවතත් ඉදිරියට එන මැතිවරණය බවට පත්වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කාන්තා හිංසනය ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්

මෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ස්ත්‍රී...

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 8 1/2ක් හෙට(27) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30...

පළාත් පාලන ආයතනවල අක්‍රමිකතා ගැන විශේෂ විමර්ශනයක්

පළාත් පාලන ආයතනවල පසුගිය කාලයේ සිදු වූ විවිධ අක්‍රමිකතා හා වංචා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය...

POPULAR ARTICLES

කාන්තා හිංසනය ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්

මෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ස්ත්‍රී...

ප්‍රතිපත්ති අනුපාතිකයේ වෙනසක් නැහැ-මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට...

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 8 1/2ක් හෙට(27) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30...