28.5 C
Colombo
Friday, March 28, 2025

පාතාල නායකයින්ගේ නම් කියලා ලක්ෂ ගණන් මුදල් ගරලා

- Advertisement -

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ඉල්ලන කල්ලියක් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිලි 25ක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස මාතර, දෙයියන්දර ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකර තිබෙනවා.

මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක්ද ඔවුන් දෙදෙනා සතුව තිබී පොලීසිය විසින් සොයාගෙන තිබුණා.

අවසන්වරට එම කප්පම්කරුවන් තමන්ව පාතාල සාමාජික දෙමටගොඩ චමින්ද බව හඳුන්වා දෙමින් දුරකථන ඇමතුම් දී මුදල් ඉල්ලා ඇත්තේ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයෙකුගෙන්.  

ලද පැමිණිලි අනුව ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇතිව අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් තිස්සමහාරාමය හා දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි 42 හා 44 යන වයස්වල පසුවන්නන්.

ඔවුන් මුදල් වංචා සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර ගණනාවක් සිරදඬුවම් ලබා පැමිණි අය බව පොලීසිය පවසනවා.

මෙම පුද්ගලයන් ඔවුන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ කුඩා ගිනිඅවියක්, මිලිමීටර් 3.8 වර්ගයේ ජීව උණ්ඩ 5ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10ක් හා ජංගම දුරකථන 7ක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අයකිරීම ගැන ධර්මසේනගේ මතය

ක්‍රිකට් ක්‍රීඩකයන් රටේ නීතියට හිස නැමිය යුතු බවත්, ඔවුන්ටද බදු ගෙවීමට තිබෙනවා නම් ඒ නීතියට එකඟව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්...

දියේ ගිලී හමුදා භටයෙක් මරුට

පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ කෑගල්ලේ පදිංචිව සිටි වවුනියාව, පංපේමඩුව යුද...

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා යොමු කර ඇති බව වාර්තා වෙනවා. දිලීප...

POPULAR ARTICLES

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අයකිරීම ගැන ධර්මසේනගේ මතය

ක්‍රිකට් ක්‍රීඩකයන් රටේ නීතියට හිස නැමිය යුතු බවත්, ඔවුන්ටද බදු ගෙවීමට තිබෙනවා නම් ඒ නීතියට එකඟව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්...

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27ක් අත්අඩංගුවට

අධිකරණ නියෝග කඩකර සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් දැක්වූ බව පවසා පුද්ගලයින් 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් අද (28) අළුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉල්ලීම් කිහිපයක්...

දියේ ගිලී හමුදා භටයෙක් මරුට

පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ කෑගල්ලේ පදිංචිව සිටි වවුනියාව, පංපේමඩුව යුද...