26.3 C
Colombo
Thursday, March 27, 2025

පුංචි ඡන්දෙ ගැන පොලිසියෙන් නිවේදනයක්

- Advertisement -

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ (21) දිනයේදී මැතිවරණයට අදාලව අපරාධමය පැමිණිලි 02ක් ලැබී ඇති බවයි පැවසෙන්නේ.

එහිදී මහනුවර පොලිස් කොට්ඨාසයේ තලාතුඔය පොලිස් වසමේ කහඹිලියාව, මාරස්සන ප්‍රදේශයේ පිහිටි නිවසකට ගලකින් පහරදී ඇස් බැස්ටෝස් සෙවිළි තහඩුවකට අලාභ සිදු කිරීමක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තලාතුඔය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව එම නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම, මාතර කොට්ඨාසයේ ගන්දර පොලිස් වසමේ කපුගම උතුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීමක් පිළිබඳවද පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ගන්දර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කරනු ලබනවා.

තවද, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාලව කළුතර පොලිස් කොට්ඨාසයේ බේරුවෙල පොලිස් වසමේ හෙට්ටිමුල්ල, මල් බොක්ක මාර්ගය ඇතුළු මාර්ග පිලිසකර කරන බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෙම පිලිසකර කිරීමේ කටයුතු බේරුවල ප්‍රදේශීය සභාව මඟින් සිදු කරන බවට අනාවරණය වී ඇති අතර, බේරුවල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය පියවර නොගන්නා තාක්කල් යුක්තිය...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු,  ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

දුම්රිය මගී ගුවන් පාලමක් කඩාවැටිලා

එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද (26) රාත්‍රියේ කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් මරදාන සිට ගාලු දෙසට ගමන් ගන්නා මාර්ගය මෙලෙස අවහිර වි තිබෙන...

POPULAR ARTICLES