29.4 C
Colombo
Sunday, March 30, 2025

අල්ලස් ගැනීමට තැත් කළ NGO නිලධාරියෙක් ඇතුළු පිරිසක් මාට්ටු

- Advertisement -

පාරම්පරික වෛද්‍යවරියකට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබා දෙන පාරම්පරික වෛද්‍ය සහතිකය ලබා දෙන බව පවසා අල්ලස් ලබා ගැනීමට තැත් කළ ව්‍යාපාරිකයෙකු සහ තවත් තිදෙනෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පනාමුර ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරියක විසින් අදාළ පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත යොමු කර ඇති අතර ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ වෛද්‍යවරියට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබා දෙන පාරම්පරික වෛද්‍ය සහතිකය එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ අනුදැනුම මත ලබා දීමේ කටයුතු කර දෙන බව පවසා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ඉල්ලා ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල ලබා දීම යන චෝදනා මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු, පිළිමතලාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නොවන සංවිධානයක සම්බන්ධීකාරකවරයෙකු වනවා.

සැකකරුවන් අද (22) කොළඹ ප්‍රසිද්ධ හෝටලක් තුළදී අල්ලස් මුදල් ලබා ගැනීමට තැත් කිරීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

විශේෂඥ වෛද්‍යවරයෙක්ට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (28) දහවල් කාලයේ කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී පුද්ගලික ආරවුලක් මත අදාළ පුද්ගලයා විසින් විශේෂඥ...

POPULAR ARTICLES

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

චීනයෙන් මියන්මාරයට කෝටි 10ක මානුෂීය ආධාර

පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබෙනවා. උද්ගතව ඇති දුෂ්කර තත්ත්වය හමුවේ...

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...