29.4 C
Colombo
Sunday, March 30, 2025

IPL ක්‍රිකට් වසන්තය ඇරඹෙයි

- Advertisement -

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගයවන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18වැනි අදියර ඊයේ (22) කොල්කටාහීදී ආරම්භ වුණා.

ඒල බොලිවුඩ් තරු රැසක් එක් වූ විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින්.

18වැනි ඉන්දියන් ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නගර 13ක් මුල් කරගෙන පැවැත්වීමට නියමිත අතර එහි සමාරම්භක උත්සවය කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස අද ආරම්භ වුණා.

මෙවර තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ  පැවැත්වෙන අතර ඒ අනුව A කාණ්ඩයෙන් චෙන්නායි සුපර් කිංග්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්තාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් සහ පංජාබ් කිංග්ස් කන්ඩායම් තරග වදිනවා.

B කාණ්ඩයෙන් තරග වදින්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම, ගුජරාට් ටයිටන්ස් කන්ඩායම, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම,ලක්නව් සුපර් ජයන්ට්ස් කන්ඩායම්.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 8 දෙනෙක් එක් වීමට නියමිතයි.

ඒ අනුව මතිෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන අතර වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්  කණ්ඩායම නුවන් තුෂාරව තෝරාගත් අතර ,එෂාන් මාලිංග,කමිඳු මෙන්ඩිස් සන්රයිසස් හයිද්‍රාබාස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

දුෂ්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන අතර  දසුන් ශානක ද එම කණ්ඩායම සමඟ එක්ව සිටිනවා.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18වැනි අදියර ආරම්භ කරමින් පළමු තරගය වත්මන් ශූරයන්වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර මේ වන විට කොල්කටා හිදි පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

විශේෂඥ වෛද්‍යවරයෙක්ට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (28) දහවල් කාලයේ කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී පුද්ගලික ආරවුලක් මත අදාළ පුද්ගලයා විසින් විශේෂඥ...

ටිරාන්ව CIDයෙන් කැඳවලා

2023  වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය...

POPULAR ARTICLES