28 C
Colombo
Sunday, March 30, 2025

මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක් 

- Advertisement -

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන මැතිවරණ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පසුගිය 21 වැනි දින මැතිවරණ පැමිණිලි 03ක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් වනවා.

මහනුවර පොලිස් කොට්ඨාසයේ තලාතුඔය පොලිස් වසමේ කහඹිලියාව, මාරස්සන ප්‍රදේශයේ පිහිටි නිවසකට පහරදීම, මාතර කොට්ඨාසයේ ගන්දර පොලිස් වසමේ කපුගම උතුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධව පැමිණිල්ලක් ලද බවද පොලීසිය පවසනවා.

තවද එදිනම කළුතර පොලිස් කොට්ඨාසයේ බේරුවල පොලිස් වසමේ හෙට්ටිමුල්ල, මල්බොක්ක මාර්ගය ඇතුළු මාර්ග පිලිසකර කරන බවට පැමිණිල්ලක් ලැබී ඇති අතර මේ සම්බන්ධව  සිදු කළ විමර්ශනයේදී මෙම පිලිසකර කිරීමේ කටයුතු බේරුවල ප්‍රාදේශීය සභාව මගින් සිදුකරන බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම සිදුවීම සම්බන්ධව බේරුවල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිස් මූලස්ථානය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මුස්ලිම් පාසල්වලට ලැබෙන නිවාඩුව ගැන දැනුම්දීමක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව...

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් රුපියල් මිලියන 49 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක්  තලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයමුකදී කේරළ...

පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදී තරුණයෙක් මරුට

මිනුවන්ගොඩ - පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, ගම්පහ - ගනේමුල්ල...

POPULAR ARTICLES

රනිල් සර් ගැන කියමින් දොඩම්පහළ අඬාවැටෙයි (වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා. එහිදී...