28 C
Colombo
Sunday, March 30, 2025

අණ්ඩුවෙන් අලුත් පනතක්?

- Advertisement -

පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගයේ චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා පවසනවා.

එළැඹෙන අප්‍රේල් මස 8 වනදා අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු පවසනවා.

එම පනත තුළින් මෙරට රාජ්‍ය දේපොළ, රාජ්‍ය මුදල් අයථා ලෙස ලබාගෙන පරිහරණය කරන පුද්ගලයින්ගේ ඕනෑම දේපොළක් නීත්‍යානුකුලව අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ලබාගැනීමට හැකිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“මේ රටේ රාජ්‍ය දේපොළ, රාජ්‍ය සම්පත්, රාජ්‍ය ධනය විවිධ වකවානුවල සිටි පාලකයෝ, දේශපාලඥයින්ට සම්බන්ධ සමීපතමයින්, තාත්තලා, පුතාලා, බාප්පලා ඇතුළු ඒ දේශපාලනයේ හිටපු අය, ඥතීන් එකතුවෙලා අපේ රටේ රාජ්‍ය දේපොළ, රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් විවිධ ආකාරයෙන් අයථා ලෙස පරිහරණය කරලා තියෙනවා, අත්පත් කරගෙන තියෙනවා. එමෙන්ම ඒවා තමන්ගේ බවට පත්කරගෙන තියෙනවා. එවැනි නීතිවිරෝධී හෝ අයථා ලෙස උපයාගෙන අද ඒවා පුද්ගලික දේපොළ ලෙස පත්කරගත් ඕනෑම කෙනෙකුගේ දේපොළක් නීත්‍යානූකූලව විධිමත්ව අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා යළි රජයට පවාරා ගැනීමේ හැකියාවක් ලැබෙන නව නීති සම්පාදනයක් සඳහා වන පනතක් ඉදිරි අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට එන්න නියමිතයි. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ අභිලාෂයන් අපි දවසින් දවස ඉටුකරමින් මේ රටේ හැම පුරවැසියෙකුගේම බලාපොරොත්තු ඒ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් අවශ්‍ය විදිවිධාන කලබලයක් නැතුව ඉදිරියට ගෙනියනවා.”

RECENT ARTICLES - SINHALA

මුස්ලිම් පාසල්වලට ලැබෙන නිවාඩුව ගැන දැනුම්දීමක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව...

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් රුපියල් මිලියන 49 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක්  තලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයමුකදී කේරළ...

පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදී තරුණයෙක් මරුට

මිනුවන්ගොඩ - පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, ගම්පහ - ගනේමුල්ල...

POPULAR ARTICLES

රනිල් සර් ගැන කියමින් දොඩම්පහළ අඬාවැටෙයි (වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා. එහිදී...