දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද (23) අවසර දුන්නා.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මාතර වැඩබබලන මහේස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී තිබෙන බව පැවසෙනවා.
Related

මිද්දෙනිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අවසර ලබාදී තිබෙනවා. අත්අඩංගුව ගත් සැකකරුවන්ගෙන් අදාළ සිද්ධිය පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති බව පොලීසිය අධිකරණයට දැන්වීමෙන් අනතුරුවයි මෙම අවසරය ලබාදී ඇත්තේ. ඒ අනුව සැකකරුවන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර…

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද (25) අධිකරණය අවසර දී තිබෙනවා. අදාළ සැකකරුව අද දින දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී මේ මස 27වන දින දක්වා සැකකරු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. අකුරැස්ස, බංගම ප්‍රදේශයේදී ඊයේ (24) අත්අඩංගුවට…

ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් තිදෙනෙකු රැඳවුම් නියෝග මත පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද එම සැකකරුවන් තිදෙනා අද දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා හමුවට…