29.1 C
Colombo
Sunday, March 30, 2025

ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ව්‍යාජ දැන්වීමක්

- Advertisement -

පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ දැන්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අදාළ ව්‍යාජ දැන්වීම උපුටා දක්වමින් එම සටහනෙන් දැනුම් දී ඇත්තේ WhatsApp මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාජ දැන්වීම් පත්‍රය එකිනෙකා අතර හුවමාරු වීමට සලස්වා ඇති බවයි.

එම ව්‍යාජ දැන්වීම් පත්‍රයේ සඳහන් වී ඇත්තේ ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති අයෙකුට ආධාර ලබාදිය හැකි බවත් මුදල් ආධාර ලබාදෙන පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින් එයට මුදල් බැරකර හැකි බවත්ය.

මෙම දැන්වීම සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බවත් ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයනු ලබන බව ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවෙන් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට මෙන්ම වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව ශ්‍රී දළදා මාලිගාව වැඩිදුරටත් මහජනතාව වෙත දැනුම් දෙනවා.

ශළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

කතරගම ගෙදරට අනුරගෙන් රතුඑළියක්

කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ බෙලිඅත්තේ ප්‍රෙද්ශයේ ෙ පැවති ජන රැළියක්...

කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වළකන්න වැඩපිළිවෙළක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි...

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

POPULAR ARTICLES

පාස්කු ප්‍රහාරයට යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 ට කලින්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

මියන්මාරයේ තවත් භූකම්පනයක්

මියන්මාරයට දැඩි බලපෑම් එල්ල කළ භූකම්පනය හටගත් ප්‍රදේශය ආසන්නයේ අද (30) තවත් භූකම්පනයක් සිදුව තිබෙනවා. මැන්ඩලේ ප්‍රදේශයට වයඹ දෙසින් කිලෝමීටර් 28ක් පමණ දුරින් වූ ප්‍රදේශයක...

කතරගම ගෙදරට අනුරගෙන් රතුඑළියක්

කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ බෙලිඅත්තේ ප්‍රෙද්ශයේ ෙ පැවති ජන රැළියක්...