32 C
Colombo
Saturday, March 29, 2025

කඩවුණු පොරොන්දු

- Advertisement -

වත්මන් රජය අධ්‍යපනය සහ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු කඩවූ පොරොන්දු බවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පවසනවා.

එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සඳහන් කළේ රැකියා විරහිත උපාධිධාරීන් අයාලේ යාම නවත්වා ඔවුන්ට රැකියාවක් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් මැදිහත්විය යුතු බවයි.

බලයට පත් කරගත් නව රජය මිනිසුන් වෙනුවෙන් දේවල් සිතාබලා ලබාදෙනු ඇති බවට අතපය හතර බැඳගෙන බලා නොසිට සැබෑ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් මහ පාරට බැසිය යුතු බවත් එම අරගලය වෙනුවෙන් සංවිධානය විය යුතු අතර එම අරගලයේ තීරණාත්මක ඕනෑම අවස්ථාවක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය සිට ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කළා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් වැඩිදුරටත් සඳහන් කළේ රැකියාවක් කිරීම යනු මිනිසෙකුගේ අයිතියක් බවත් එය ආණ්ඩුවක් මැදිහත්වී ලබාදිය යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපති උපදේශක තනතුරින් හුලංගමුව ඉවත් කරන්න -අනුරට ලියුමක්

ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක ධූරයෙන් දුමින්ද හුලංගමුව ඉවත් කරන්නැයි ඉල්ලමින් එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු සංවිධාන රැසක් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනාවරණයක්

මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35%...

මරදානේ චොප්පෙගෙ පුතා අත්අඩංගුවට

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට බැණ  මරණ තර්ජන කිරීම හේතුවෙන් ඊයේ...

POPULAR ARTICLES

ජනපති උපදේශක තනතුරින් හුලංගමුව ඉවත් කරන්න -අනුරට ලියුමක්

ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක ධූරයෙන් දුමින්ද හුලංගමුව ඉවත් කරන්නැයි ඉල්ලමින් එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු සංවිධාන රැසක් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනාවරණයක්

මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35%...

මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1000 ඉක්මවයි

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 1000 ඉක්මවා තිබෙනවා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය 10,000 ඉක්මවීමේ අවදානමක් පවතින බවයි. මෙය වාර්තා අතරට...