32 C
Colombo
Thursday, April 17, 2025

මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිදුකල තර්ජනය පිළිබදව පොලිස්පතිට පැමිණිල්ලක්

- Advertisement -

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පසුගියදා අනියම් ආකාරයට කර ඇති තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුව සිය විරෝධය පලකර තිබෙනවා.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය හා ශ්‍රීලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අත්සනින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට යොමුකල ලිපියකින් දැක්වුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ Facebook ප්‍රතිචාර දැක්වීමෙහි බරපතළ අනතුරු ඇඟවීමක් ගැබ්ව ඇති බවයි.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන ලද බවත්, ඒවාට අදාළව සොබාදහම දඬුවම් කරනු ඇති බවත් දිගින්-දිගටම සඳහන් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ප්‍රභාකරන්ට සහ අනෙකුත් අපරාධකරුවන්ට සිදුවූයේ කුමක් දැයි බලන ලෙස අවධාරණයෙන් කියා සිටින බවද මෙහිදී සඳහන් කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා අදහස් දැක්වූ Facebook පෝස්ටුව – https://m.facebook.com/story.php?story_fbid=4804876112874609&id=100000568041748

RECENT ARTICLES - SINHALA

අපනයන ආදායමෙහි පාඩුව පියවා ගැනීමට නව සැලසුමක්

අමෙරිකන් වෙළෙඳපොළ තීරු බදු ඉහළ දැමීම හේතුවෙන් ලංකා අපනයන ආදායම් පරතරයට සිදුවන පාඩුව ඉතිරි රටවල වෙළෙඳපොල හරහා පියවා ගැනීමට සැලසුම් කර ඇති බව අපනයන...

මුහුදේ පාවෙමින් තිබූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

මන්නාරම උතුර, කිරන්චි මුහුදු ප්‍රදේශයේදී දින පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් ඊයේ (16) ශ්‍රී ලංකා නාවික...

අනුර මැතිවරණ නීති කැඩුවද? කවුද ඇත්ත කියන්නෙ ?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලියුමක් යවා ඇතැයි පුවත්පතක පළ වූ පුවත සාවද්‍ය පුවතක් බව...

POPULAR ARTICLES