29.1 C
Colombo
Sunday, March 30, 2025

ප්‍රදේශ කිහිපයකට සවස තද වැසි

- Advertisement -

බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

විශේෂඥ වෛද්‍යවරයෙක්ට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (28) දහවල් කාලයේ කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී පුද්ගලික ආරවුලක් මත අදාළ පුද්ගලයා විසින් විශේෂඥ...

POPULAR ARTICLES

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

චීනයෙන් මියන්මාරයට කෝටි 10ක මානුෂීය ආධාර

පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබෙනවා. උද්ගතව ඇති දුෂ්කර තත්ත්වය හමුවේ...