29.1 C
Colombo
Sunday, March 30, 2025

ලබා දුන් දඬුවම නොතකා අනුරාධපුර දුම්රිය අධිකාරි සේවයේ

- Advertisement -

අනුරාධපුර දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයාට එරෙහිව රාජ්‍ය සේවා කොමිසම නියෝග කළ දඬුවම් පැමිණවීමේ නියෝග බලධාරීන් විසින් ක්‍රියාත්මක කර නැති බවට දුම්රිය සේවයේ වෘත්තීය සමිති චෝදනා කරනවා.

අනුරාධපුර දුම්රිය ප්‍රවාහන අධිකාරි නිරන්ත විස්සුන්දර මහතාට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයකින් පසුව පැමිණිලි මෙහෙයවීමේ වාර්තාව, වාචික හා ලිඛිත සාක්ෂිවලින් පසුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව චෝදනා දහයකට ඔහු වැරදිකරු බවට නිගමනය කර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ බව ලිඛිතව දන්වා තිබෙනවා.

චෝදනා දොළහක් ඔහුට එරෙහිව තිබුණු අතර ඉන් දහයකට වැරැදිකරු බවට නිගමනය කළ රාජ්‍ය සේවා කොමිසම වැටුප් වර්ධක 7ක් විලම්භනය කිරීම, වසර 10ක් දක්වා උසස්වීම් අත්හිටුවීම හා වංචනික ලෙස ලබාගත් බව පැවසෙන රුපියල් ලක්ෂ හතහමාරක මුදලක් ආපසු ගෙවීම ඔහුට එරෙහිව දඬුවම් ලෙස පනවා තිබුණා.

කොල්ලුපිටියේ නිල නිවාස ඉවත් කිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරියෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වන්දි මුදල පෞද්ගලික ගිණුමකට බැර කර ගනිමින් දෙපාර්තමේන්තුවට වංචා කිරීම, නිල නිවාස සාවද්‍ය පරිහරණය, රාජ්‍ය සේවයේ සිටිමින් ව්‍යාපාර කිරීම විස්සුන්දර මහතාට එරෙහිව නගා ඇති චෝදනා වනවා.

එහෙත් රාජ්‍ය සේවා කොමිසමේ නියෝග ක්‍රියාත්මක කිරීම බලධාරීන් පැහැර හැරි බවට දුම්රිය සේවයට සම්බන්ධ වෘත්තීය සමිති චෝදනා කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර දුම්රිය ප්‍රවාහන අධිකාරි නිරන්ත විස්සුන්දර මහතා පවසන්නේ, රාජ්‍ය සේවා කොමිසම එවැනි නියෝගයක් නිකුත් කර ඇති බව තමා පිළිගන්නා බවත් ඊට එරෙහිව තමා අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බවයි.

මේ අතර, සමාජ ක්‍රියාකාරිකයෙකු වන දිනේෂ් ද අල්විස් රාජ්‍ය සේවා කොමිසම කළ මෙම නියෝග ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා පැමිණිල්ලක් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

කතරගම ගෙදරට අනුරගෙන් රතුඑළියක්

කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ බෙලිඅත්තේ ප්‍රෙද්ශයේ ෙ පැවති ජන රැළියක්...

කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වළකන්න වැඩපිළිවෙළක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි...

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

POPULAR ARTICLES

කතරගම ගෙදරට අනුරගෙන් රතුඑළියක්

කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ බෙලිඅත්තේ ප්‍රෙද්ශයේ ෙ පැවති ජන රැළියක්...

රනිල් සර් ගැන කියමින් දොඩම්පහළ අඬාවැටෙයි (වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා. එහිදී...

කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වළකන්න වැඩපිළිවෙළක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි...