29.4 C
Colombo
Sunday, March 30, 2025

වසර 17 පසු ලැබුනු මරණ දඬුවම

- Advertisement -

හින්දු පූජකයෙකු මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේදී 2007 වසරේ මාර්තු 18 වන දා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකුට මඩකලපුව මහාධිකරණ විනිසුරු ආර්.ජේ. ප්‍රභාකරන් මහතා විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

පසුගිය සිකුරාදා (21) මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය දී තිබුණා.

මෙසේ මරණ දඬුවම නියම වී ඇත්තේ එල්.ටී.ටී.ඊ. කරුණා පාර්ශ්‍වයේ කටයුතු කළ වඩිවෙල් තිරුචෙල්වම් 47, කුලන්දෙවේල් පාස්කරන් 43, සෙල්වනායගම් ක්‍රිෂ්ණ රූබන් 38‍ සහ කරුණාකරන් මහේන්ද්‍රන් 42 යන සිව් දෙනෙකුටයි.

2007 වසරේ එවකට ජනාධිපති වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ කරන ලද සංචාරයකදී ජනාධිපතිවරයා පිළිගැනීම නිසා ඉහත පිරිස විසින් මෙම පූජකයා පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට කරුණු සනාථ වීමත් සමග මරණ දඬුවම ලබා දුන් බවයි වාර්තා වන්නේ.

2007 වසරේදී එරාවුර් පොලිසිය මගින් මෙම නඩුව ගොනු කර තිබු අතර වසර 17ක පමණ කාලයක් අධිකරණයේ විභාග වුණා.

RECENT ARTICLES - SINHALA

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

විශේෂඥ වෛද්‍යවරයෙක්ට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (28) දහවල් කාලයේ කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී පුද්ගලික ආරවුලක් මත අදාළ පුද්ගලයා විසින් විශේෂඥ...

ටිරාන්ව CIDයෙන් කැඳවලා

2023  වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය...

POPULAR ARTICLES

චීනයෙන් මියන්මාරයට කෝටි 10ක මානුෂීය ආධාර

පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබෙනවා. උද්ගතව ඇති දුෂ්කර තත්ත්වය හමුවේ...