29.1 C
Colombo
Sunday, March 30, 2025

ගුවන් යානා අනතුරට හේතුව බිමල් හෙළිකරයි

- Advertisement -

අනතුරට පත්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයේ කිසිඳු යාන්ත්‍රික දෝෂයක් නොතිබූ බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ, පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය නිරීෂණ චාරිකාවකට එක්වෙමින්.

එමෙන්ම පුහුණුවීම්වලදී මෙවැනි අනතුරු සිදුවන බවත්, එය ලෝකයටම පොදු කාරණයක් බවත්, ඔහු සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා,

“ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කුරුණෑගල, පාදෙණිය, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී බිඳ වැටීම සම්බන්ධ වාර්තාව ඇත්තටම මම ආරක්ෂක ලේකම්තුමා මගින් ගෙන්න ගත්තා. පසුගිය 21 වෙනිදා. එතුමලා ඒ වාර්තාව මං හිතන්නේ ජනාධිපතිතුමා හෝ එතුමලාගේ මාධ්‍ය සඳහා හදලා තිබුණා. ඉතින් ඒකට අනුව ගත්තොත් ඒ ගුවන් යානාව ඒ වාර්තාව අනුවත් විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමා පැහැදිලි කරපු විදිහට, එතුමා එතුමත් හිටපු ගුවන් හමුදාවේ ප්‍රධානියෙක්.

ඒකට අනුව ගත්තොත් ඒ ගුවන් යානයේ බඳේ පරණකමක් හෝ එහෙම ප්‍රශ්නයක් නෑ. දෙක තමයි ගුවන් යානයේ එන්ජිමේ ප්‍රශ්නයක් නෑ. මොකද අපි අර පරණ වාහන පාරේ දිව්වට ගුවන් යානා එහෙම දුවන්න බෑ. ඒවා අනිවාර්යයෙන්ම අදාළ ලයිසන් අරන් තමයි දුවන්නේ. ඉතින් ඒවා පරණ එකක් නෙමෙයි. එකම දේ පුහුණු වෙන කොට ප්ලේන්වල එල් බෝඩ් ගහලා තිබුණේ නැති වුණාට ඒ ගියපු කට්ටිය පුහුණු වෙන කට්ටිය. ඉතින් ඒ ගොල්ලන්ගේ අත්වැරදීමක් වෙලා තියෙනවා.

ඉතින් අපි සතුටු වෙනවා අඩුගානේ ඒ නියමුවන් දෙදෙනා බේරිච්ච එක ගැන. මගේ දැනීමේ හැටියට ඒ වාර්තාව අනුව විශාල දේපළ හානියක් ප්‍රදේශයට වෙලා නෑ. නමුත් යම් යම් ගස් කොළන් වලට යම් හානියක් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම ගත්තොත් පුහුණුවීම් වලදී අපේ රටෙත්, ලෝකේ කොයි රටෙත් වෙන දෙයක්. ඒ ඇර වෙන කිසිම හේතුවක් ඒකට සම්බන්ධ නැහැ කියන එක තමයි තාක්ෂණික වාර්තාව අනුව තියෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

POPULAR ARTICLES

මියන්මාරයේ වෛද්‍ය සැපයුම්වල බරපතල හිඟයක්

මියන්මාරයේ වෛද්‍ය සැපයුම්වල බරපතල හිඟයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය, අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ, තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම්...

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...