25.7 C
Colombo
Monday, March 31, 2025

ගම්මන්පිල නිදොස් කොට නිදහස්

- Advertisement -

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන අය එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණයේ පූර්වගාමී  විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ මහතා විසින් එම තීන්දුව ලබා දුන්නා.  

විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන හෙයින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත්  විනිසුරුවරයා සඳහන් කළා.

1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් මස 25 වනදා අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ පෞද්ගලික බැංකුවකට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට විකිණීම තුළින් රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරුන්ට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

නීතිවිරෝධී වත්කම් යළි අත්පත් කරගන්න නීතියක්

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. වංචනිකයින්ට සහ දුෂිතයින්ට...

රාමසාන් උත්සවය අදයි

ඉස්ලාමීය බැතිමතුන් අද (31) ඊදුල් ෆිතර් හෙවත් රාමසාන් උත්සවය සමරනවා. රාමලාන් යන්නෙහි තේරුම භාග්‍යවත් මාසය යන්නයි. පුරා මාසයක් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට, හිරු බැස යන...

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් දරුවෙකු මරුට

කළුතර ගමගොඩපාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළායැයි සැකකෙරෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6ක පිරිමි දරුවකුවෙකු මියගොස් තිබෙනවා. පෙරේදා (29) රාත්‍රී 10ට...

POPULAR ARTICLES

නීතිවිරෝධී වත්කම් යළි අත්පත් කරගන්න නීතියක්

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. වංචනිකයින්ට සහ දුෂිතයින්ට...

රාමසාන් උත්සවය අදයි

ඉස්ලාමීය බැතිමතුන් අද (31) ඊදුල් ෆිතර් හෙවත් රාමසාන් උත්සවය සමරනවා. රාමලාන් යන්නෙහි තේරුම භාග්‍යවත් මාසය යන්නයි. පුරා මාසයක් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට, හිරු බැස යන...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (31) අලු‍යම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. නිවසකට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇති බවයි වාර්තා...