29.1 C
Colombo
Sunday, March 30, 2025

කෝපා කමිටුව හමුවේ අසරණ වුණු RMV නිලධාරීන්

- Advertisement -

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ව්‍යාජ ලේඛන යොදා ගනිමින් අත්ට්‍රැක්ටර් ගෙන්වන මුවාවෙන් සුඛෝපබෝගි මෝටර් රථ ගෙන්වීමේ වංචනික ක්‍රියාවක් පසුගිය කෝපා කමිටුවේදී අනාවරණ වුණා.

22 වනදා පැවති එම කෝපා කමිටුවේදී වැඩිදුරටත් හෙළි වූයේ ආගමික ස්ථාන සඳහා බව පවසමින් ආනයනය කළ වාහන 158ක බලපත්‍ර කොන්දේසි, එම නිලධාරීන් විසින්ම උල්ලංඝනය කර ඇති බවයි.

එහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, අදාළ නිලධාරියාට විරුද්ධව විමර්ශනයක් සිදුකර ඇති බවත් ඔහුගේ සේවය අත්හිටුවා තිබූ නමුත් නිශ්චිත සාක්ෂි නොමැතිවීම හේතුවෙන් සේවකයා නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කළ බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“පුද්ගලයාව නිදොස් කොට නිදහස් කළා. ඒ කරුණු තහවුරු කරගන්න සාක්ෂි සහ තොරතුරු නෑ කියන එක මත. මම මේකට සම්බන්ධ සියලූම පාර්ශව හඳුනා ගත්තා. මට අතීතයේ තිබුණ කාලය ඇතුළේ, විමර්ශනය සිදුවුණා ද කියලා පැහැදිලි කරන්න අමාරුයි. 

මේ පද්ධතිය ගැටලුකාරී කියන එක මම රාජකාරි භාරගත්තේ, 2022 අගෝස්තු 3 එදා ඉදලා මම වාර්තා කළා. අඩුම වශයෙන් කියනවා නම් මේක ගොඩනඟපු කම්පැනි එක අද වෙද්දි කිසිදු දෙයක් භාරගන්නෙත් නෑ. සර්විස් ඇග්‍රිමන්ට් එකකට එන්නේ නෑ.”

RECENT ARTICLES - SINHALA

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

POPULAR ARTICLES

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

චීනයෙන් මියන්මාරයට කෝටි 10ක මානුෂීය ආධාර

පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබෙනවා. උද්ගතව ඇති දුෂ්කර තත්ත්වය හමුවේ...