28.5 C
Colombo
Monday, March 31, 2025

තාප්පයකට යටවී තරුණියක් මරුට

- Advertisement -

කළුතර, පනාපිටිය ප්‍රදේශයේ නිවසක තාප්පයක් කඩාවැටීමෙන් ඊට යටවී තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තම පෙම්වතාගේ මිත්තණියගේ සුවදුක් බැලීමට ගොස් සිටියදී ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදී තිබුණා.

වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ප්‍රසාදිනී ප්‍රියංගිකා සිය පෙම්වතාගේ මිත්තණියගේ සුවදුක් බැලීමට කළුතර පනාපිටිය ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසට ගොස් තිබුණේ ඊයේ පස්වරුවේයි.

ඒ සිය පෙම්වතා ද සමගින්.

පෙම්වතා, නිවසේ ඇති කරන එළුවන්ට ආහාර ලබාදීම සඳහා නිවස පිටුපසට ගොස් ඇති අතර ප්‍රියංගිකා ද එම මොහොතේ නිවස පිටුපස තාප්පය අසල සිට තිබෙනවා.

පසුව එක්වරම තාප්පයේ කොටසක් කඩාවැටී ඇති අතර ප්‍රියංගිකා ඊට යටවී තිබුණා.

නිවැසියන් කඩිනමින් ඇය ව රෝහල් ගත කළත් ඒ වනවිටත් ප්‍රියංගිකා ජීවිතය හැරගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්න සහායකයෙක් ලබා ගන්නේ කොහොමද?

ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළහි දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු...

ආණ්ඩුව ජනමාධ්‍ය මර්දනය කරනවා – සාගර කාරියවසම්

වර්තමාන ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැතිකර ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද...

කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමත් සමඟ අද (31) මධ්‍යම රාත්‍රි 12.00 සිට කිරි තේ එකක මිල රුපියල් දහයකින් ඉහළ දමන බව වාර්තා වෙනවා. සමස්ත ලංකා...

POPULAR ARTICLES

මියන්මාර භූකම්පනයෙන් මියගිය ගණන 2000 ඉක්මවයි

පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින...