28.6 C
Colombo
Wednesday, April 2, 2025

EPF අරමුදලට බිලියන 36ක පොල්ලක්- මහින්ද ජයසිංහ (වීඩියෝ)

- Advertisement -

සේවක අර්ථ සාධක අරමුදලට සමාගම් 22,450කට ආසන්න ප්‍රමාණයක් මුදල් ගෙවා නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන එච්.එම්,ඩී.එන්.කේ. වටලියද්ද මහත්මිය අද (24) කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ භාර ගත්තා අවස්ථාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම සමාගම් නොගෙවූ අරමුදල් වටිනාකම රුපියල් බිලියන 36ක් ලෙස ගණන් බලා ඇති බවයි.

එම මුදල් අයකර ගැනීම සඳහා රජයක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුවට උපරිම සහාය ලබා දෙන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා අභිනව කම්කරු කොමසාරිස් ජනරාල්වරිය සිය වගකීම් ඉටු කරනු ඇතැයි ද මෙහිදී අදහස් දක්වමින් පැවසුවා.

එමෙන්ම ඉදිරියේදී කම්කරු නීති සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජය කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම වැඩබිම තුළ ශ්‍රමික කාන්තාන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම ළමා ශ්‍රමය තුරන් කිරීමටත් පියවර ගනිමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

තරුණයින් පිරිසක් මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක

තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ අද (02) පෙරවරුවේ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා. එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී...

ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන CID පරීක්ෂණ

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර...

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

POPULAR ARTICLES

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපළ අද (02) දිනයේ දී ඉහළ ගොස් තිබෙනවා. එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.06කින් ඉහළ ගොස් 16,007.44 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ. එය...