28.6 C
Colombo
Wednesday, April 2, 2025

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර ජයන්ත ජයසූරිය ට

- Advertisement -

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතා පත් කර තිබෙනවා.

නව තානාපතිවරුන් දෙදෙනෙකු සහ නව මහ කොමසාරිස්වරයෙකු පත් කිරීම් සඳහා වන පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් ඔහුගේ නම අනුමත කර තිබුණා.

ඒ අනුව කියුබා ජනරජයේ නව ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස ආර්.එම්. මහින්ද දාස රත්නායක මහතා පත්කිරීමටත්, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබෙන බවයි පැවසෙන්නේ.

තවද රාජධානියට අයත් මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්. ඩී. නිමල් උපාලි සේනාධීර මහතා පත් කිරීම සඳහා වන නාමයෝජනාව ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

තරුණයින් පිරිසක් මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක

තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ අද (02) පෙරවරුවේ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා. එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී...

ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන CID පරීක්ෂණ

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර...

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

POPULAR ARTICLES

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපළ අද (02) දිනයේ දී ඉහළ ගොස් තිබෙනවා. එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.06කින් ඉහළ ගොස් 16,007.44 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ. එය...