28.5 C
Colombo
Monday, March 31, 2025

දිස්ත්‍රික් 12ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි

- Advertisement -

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දිස්ත්‍රික්ක 12කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.

නාමයෝජනා භාරගැනීම අවසන් විමෙන් පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දිස්ත්‍රික් 12ක තොරතුරු මේ වනවිට මුද්‍රණාලය වෙත ලැබී ඇති අතර සෙසු දිස්ත්‍රික්කවල තොරතුරු ද ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බව මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසුවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය ද මුද්‍රණාලය විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මැතිවරණය සඳහා වන මෙම සියලු මුද්‍රණ කටයුතු අප්‍රේල් මස 28 වනදා පමණ වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බව මුද්‍රණාලයාධිපතිවරයා පැවසුවා.

මේ හේතුවෙන් මුද්‍රණාලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

ඒ අතර මෙවර මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් 10 දෙනෙකු සිටින බව අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවා.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව කටයුතු කරන ලෙසට සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිළ පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 309ක්ව පැවති...

Breaking: ලාෆ් ගෑස් මිල ඉහළට

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වි...

කවුද කියලා බලන්න එපා නඩුව අහන්න -අනුර

නඩුකාරවරුන්ට එම තනතුර භාර දී ඇත්තේ භේදයකින් තොරව නඩුව ඇසීමට බවත් එම නඩුව අදාළ කාට ද යන්න තේරීම ඔවුන් විසින් නොකළ යුත්තක් බවත් ජනාධිපති...

POPULAR ARTICLES

අහසින් යන නීති සංශෝධනයක්

පළාලි ගුවන්තොටුපොළට විශේෂ අවධානයක් යොමු කරමින් එහි සංවර්ධන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ  සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල්...

Breaking: ඉන්ධන මිළ පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 309ක්ව පැවති...

Breaking: ලාෆ් ගෑස් මිල ඉහළට

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වි...