28.5 C
Colombo
Monday, March 31, 2025

දෙවුන්දර වෙඩිතැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගන්දර පොලිස් වසමේදීයි.

වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයට ඔවුන් විසින්ම ගිනි තබා අනර්ථය සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ගන්දර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය හා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

Breaking: ඉන්ධන මිළ පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 309ක්ව පැවති...

Breaking: ලාෆ් ගෑස් මිල ඉහළට

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වි...

POPULAR ARTICLES

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

Breaking: ලාෆ් ගෑස් මිල ඉහළට

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වි...

අහසින් යන නීති සංශෝධනයක්

පළාලි ගුවන්තොටුපොළට විශේෂ අවධානයක් යොමු කරමින් එහි සංවර්ධන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ  සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල්...