28.7 C
Colombo
Tuesday, April 1, 2025

ඡන්ද වැඩ ගැන කොමිසමෙන් රජයට දැනුම්දීමක්

- Advertisement -

මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබෙනවා.

ඒ අනුව අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු අදාළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු මැතිවරණ කොමිසම වෙත දැනුම් දිය යුතුයි. 

මැතිවරණ කොමිසම පැවසුවේ දැනුම්දෙනු ලබන එම සංවර්ධන ව්‍යාපෘති කොමිසම විසින් සමාලෝචනය කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

එමෙන්ම එම ව්‍යාපෘති අතුරින් මැතිවරණයට බලපෑමක් එල්ල කරනු ලබන යම් ව්‍යාපෘති වේ නම් එම ව්‍යාපෘති මැතිවරණයෙන් පසු සිදු කිරීමට රජයට උපදෙස් ලබා දෙන බවත් මැතිවරණ කොමිසම පවසනවා.

සාම්ප්‍රදායිකව මැතිවරණ සමයේදී කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීරණ මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන අතර එම කොමිසම විසින් අදාළ තීරණ සමාලෝචනය කර ඒ සම්බන්ධව රජයට දැනුම් දීම සිදුකරනු ඇති.
 
RECENT ARTICLES - SINHALA

ප්‍රබල අකුණු සහ තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි සම්බන්ධව අවවාදාත්මක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් සහ...

TIN අංකය අනිවාර්යය කරලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන...

පළාත් පාලන මැතිවරණයට අධිකරණය දුන් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව මේ වන විට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව  ඡන්ද...

POPULAR ARTICLES

TIN අංකය අනිවාර්යය කරලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන...

චාමර සම්පත් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහු එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර...