28.8 C
Colombo
Tuesday, April 1, 2025

දේශබන්දුට ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්

- Advertisement -

මේ වන විට බන්ධනාගාර ගතව සිටින ධූරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු පියවර ගෙන තිබෙනවා.

අද (25) දහවල් අදාළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම සිදු වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනත මූලික කරගමින්, මෙම විශ්වාසභංග යෝජනාව සැලසුම් කර තිබෙනවා.

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ‘W15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හේතුවෙන් දේශබන්දු තෙන්නකෝන් මේ වන අධිකරණ නියෝගයකට අනුව දුම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් වශයෙන් විශේෂ ආරක්ෂාවක් යටතේය රැඳී සිටිනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කෙරුණේ 2024 පෙබරවාරි 26 වන දිනයි.

RECENT ARTICLES - SINHALA

ත්‍රීරෝද රථ ගාස්තුව ගැන තීරණයක්

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති,...

හිටපු යුද හමුදා මේජර් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

යුද හමුදාවේ හිටපු හමුදා මේජර්වරයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බව කියන කාන්තාවක් අයිස් මත්කුඩු හා කේරළ ගංජා සමඟ ඊයේ (31) අනුරාධපුර රෝහල් මාර්ගයේ පිහිටි...

සතාසිවම් යළි රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු ලබන 08...

POPULAR ARTICLES

ත්‍රීරෝද රථ ගාස්තුව ගැන තීරණයක්

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති,...

ආණ්ඩු විවේචනය කරනවා කියන්නේ හිරේ යන වැඩක් – සජිත්

ආණ්ඩුව විවේචනය කිරීම හා හරි වැරැදි කරුණු පෙන්වා දීම හිර ගෙදරට සහ බන්ධනාගාරයට යෑමට හේතුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුණ්ඩසාලේදී...

හිටපු යුද හමුදා මේජර් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

යුද හමුදාවේ හිටපු හමුදා මේජර්වරයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බව කියන කාන්තාවක් අයිස් මත්කුඩු හා කේරළ ගංජා සමඟ ඊයේ (31) අනුරාධපුර රෝහල් මාර්ගයේ පිහිටි...