28.8 C
Colombo
Tuesday, April 1, 2025

මිහින්තලා විහාරාධිපති හිමි කනස්සල්ලෙන්

- Advertisement -

පසුගිය රජයන්වල කටයුතු කළ දේශපාලන පිල්ලි තවදුරටත් රාජ්‍ය ආයතනවල හොල්මන් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා ලබා දෙන උපදෙස් හා නියෝග ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් රට තුළ පවතින බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක නොකර ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට එම ඇතැම් නිලධාරීන් ක්‍රියා කරන බව ධම්මරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

උන් වහන්සේ මේ බව කියා සිටියේ, අද (25) පෙරවරුවේදී මිහින්තලා පුදබිමේදී පැවති මාධ්‍ය හමුවකදීයි.

ධම්මරතන හිමියන් මෙම මාධ්‍ය හමුව සිදුකරමින් තවදුරටත් කියා සිටියේ, ඊයේ (24) රාත්‍රියේදී බීමත්ව ඓතිහාසික මිහින්තලා රජමහා විහාර භූමියට පැමිණි පිරිසක් විසින් එහි වැඩසිටි ස්වාමීන් වහන්සේලාට පරුෂ වචනයෙන් බැන වැදී පහරදීමට හා එම පිරිස ගමන් ගත් වෑන් රථයකට ස්වාමීන් වහන්සේ නමක් යට කිරීමට උත්සාහ දරා ඇති බවයි.

මිහින්තලා පුදබිමේ පුරාවිද්‍යාව සහ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇත්තේ හය දෙනෙකුගෙන් යුතු පොලිස් නිලධාරීන් පිරිසක් පමණක් බවත් එම නිලධාරින්ද මිහින්තලා පුදබිම තුළ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු පිරිස ගමන් ගත් එම වෑන් රථයේ අංකය හෝ තොරතුරු අනාවරණය කර ගැනීමට අපොහොසත් වී ඇති බවද ධම්මරතන හිමියන් පවසා සිටියා.

ඓතිහාසික මිහින්තලා පුදබිම විශාල භූමි භාගයක පිහිටා තිබෙන බැවින් එම පුදබිමේ පවතින පුරාවස්තුවලට අනාරක්ෂිත භාවයක් පවතින බව පවසන නායකහිමියන් තවදුරටත් කියා සිටියේ, ඓතිහාසික මිහින්තලා පුදබිමේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළකරන බවයි.

RECENT ARTICLES - SINHALA

අවුරුද්දට විකාර එපා – නියෝජ්‍ය ඇමති

අවුරුදු උත්සවවලදී සංස්කෘතියට නොගැළපෙන අංග එකතු කිරීමෙන් වැළකී සිටින ලෙස බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා උත්සව සංවිධායකයන්ගෙන් ඉල්ලීමක්...

එස්. එෆ්. සරත්ට මරණ දඩුවම;දෙමටගොඩ චමින්ද නිදොස් කොට නිදහස්

2005 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් එස්. එෆ්. සරත් නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින්...

ත්‍රීරෝද රථ ගාස්තුව ගැන තීරණයක්

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති,...

POPULAR ARTICLES

අවුරුද්දට විකාර එපා – නියෝජ්‍ය ඇමති

අවුරුදු උත්සවවලදී සංස්කෘතියට නොගැළපෙන අංග එකතු කිරීමෙන් වැළකී සිටින ලෙස බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා උත්සව සංවිධායකයන්ගෙන් ඉල්ලීමක්...

එස්. එෆ්. සරත්ට මරණ දඩුවම;දෙමටගොඩ චමින්ද නිදොස් කොට නිදහස්

2005 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් එස්. එෆ්. සරත් නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින්...

ආණ්ඩු විවේචනය කරනවා කියන්නේ හිරේ යන වැඩක් – සජිත්

ආණ්ඩුව විවේචනය කිරීම හා හරි වැරැදි කරුණු පෙන්වා දීම හිර ගෙදරට සහ බන්ධනාගාරයට යෑමට හේතුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුණ්ඩසාලේදී...