27 C
Colombo
Monday, March 31, 2025

ඉන්දීය ජාතික යෝගී පටෙල්ට වසර 04 ක සිරදඬුවම්

- Advertisement -

2024 වසරේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති ලෙජන්ඩ් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාට තරග පාවාදීම සඳහා යෝජනා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු Kandy Samp Army කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තාට මාතලේ මහාධිකරණය විසින් වසර 04 ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් මිලියන 85ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම නඩුවේ පැමිණිලිකාර උපුල් තරංග මහතා වෙත රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කළා.

මෙම විත්තිකරු මේ වනවිට අධිකරණය මඟහැර රටින් පලාගොස් සිටින අතර ඔහු නොමැතිව මෙම නඩු විභාගය පැවැත්වුණා.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු ද නිකුත් කර තිබෙනවා.

නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව ඔහුට මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියා.

2024 වසරේ මහනුවර, පල්ලකැලේ ක්‍රීඩාංගනයේ පැවැති ලේජන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක උපුල් තරංග මහතාට ක්‍රිකට් තරග පාවාදීම සඳහා යෝජනා කිරීම තුළින් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීම්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර,...

දේශීය ගුවන් ගමන්වාර වැඩි කරන්න සැලසුමක්

දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක...

පේරා⁣දෙණියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

පේරා⁣දෙණිය, ඒදඬුවාව ප්‍රදේශයේ දී අද (31) රිය අනතුරක් සිදුව තිබෙනවා. මෙමඅනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසනවා. තවත් දෙදෙනෙකුට තුවාල ලබා ඇති බව...

POPULAR ARTICLES

උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීම්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර,...

දේශීය ගුවන් ගමන්වාර වැඩි කරන්න සැලසුමක්

දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක...

 ක්‍රිකට් නිලවරණයත් අද

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 - 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්වෙනවා. වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා නැවත...