28.8 C
Colombo
Tuesday, April 1, 2025

මහාචාර්ය ගණනාත් ඔබේසේකර දිවියට සමුදෙයි

- Advertisement -

මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වූ ගණනාත් ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 95 වැනි වියේ පසුවුණා.

අමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ගණනාත් ඔබේසේකර මහතා 1955 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 1958 වසරේදී වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් 1964 වසරේදී මානව විද්‍යාව සම්බන්ධව සිය ආචාර්ය උපාදියත් හිමි කර ගෙන තිබුණා.

මනෝ විශ්ලේෂණය සහ මානව විද්‍යාව මෙන්ම ආගමික අත්දැකීම් සමග පුද්ගලික සංකේතවාදය සම්බන්ධ වන ආකාරයන් පිළිබඳව වඩාත් උනන්දුවකින් පර්යේෂණ කටයුතු කළ ගණනාත් ඔබේසේකර මහතා සිය ජීවිත කාලය තුළ ග්‍රන්ථ කිහිපයක්ද රචනා කර තිබෙනවා.

ඒ අතරින්, බටහිර නොවන සමාජ සම්බන්ධයෙන් වන බටහිර විසින් ගොඩනඟා ඇති අර්ථකථනයන්ට අභියෝග කළ The Apotheosis of Captain Cook, The Cult of Goddess Pattini, and The Awakened Ones යන කෘති ජාත්‍යන්තර වශයෙන් අවධානය දිනා ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

TIN අංකය අනිවාර්යය කරලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන...

පළාත් පාලන මැතිවරණයට අධිකරණය දුන් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව මේ වන විට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව  ඡන්ද...

අලුත් අවුරුද්දට විශේෂ බස් රථ

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව...

POPULAR ARTICLES