29.4 C
Colombo
Sunday, March 30, 2025

Starlink චන්ද්‍රිකා සේවාව ගැන නිවේදනයක්

- Advertisement -

මෙරට ක්‍රියාත්මක වීමට නියමිත Starlink චන්ද්‍රිකා සේවාව අත්හිටුවීමට තීරණය කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා පැවසුවේ මෙම සේවාව ලබා දීම සඳහා අවශ්‍ය නියාමනයන් සිදු කෙරෙන Dashboard පද්ධතියක අවශ්‍යතාවයක් පවතින බවත් එම පද්ධතිය මෙරටට ගෙන්වා ගැනීම සඳහා යම් ප්‍රමාදයක් පවතින බවයි.

ඒ අනුව අදාළ පද්ධතීන් මෙරටට ලැබුණු වහාම Starlink චන්ද්‍රිකා සේවාව අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත් අධ්‍යක්ෂවරයා පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා,

“මම වගකීමෙන් කියනවා එම ආයතනය ලබා දෙන සේවාව නවත්වන්නේ නෑ. අප්‍රේල් මාසයේදී එම සේවාව අප රටට ලබා දීමට නියමිතයි. ඒ වගේම ඔවුන් ලබා දෙන සේවාව නිවැරදිව නියාමනය කිරීම සඳහා සේවාව ලබා ගන්නා පාරිභෝගිකයින්ට අවශ්‍ය සේවාව නිවැරදිව ලබා දෙනවාද කියලා කියන එක සහ රටේ ජාතික ආරක්ෂාව නියාමනය කිරීම සඳහා ඔවුන් විසින් Dashboard එකක් ලබා දෙනවා. ඒ තුළින් අපි කාරණා දෙකම නිවැරදිව නියාමනය කිරීම සිදුකරනු ලබනවා.”


RECENT ARTICLES - SINHALA

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

විශේෂඥ වෛද්‍යවරයෙක්ට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (28) දහවල් කාලයේ කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී පුද්ගලික ආරවුලක් මත අදාළ පුද්ගලයා විසින් විශේෂඥ...

POPULAR ARTICLES

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

චීනයෙන් මියන්මාරයට කෝටි 10ක මානුෂීය ආධාර

පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබෙනවා. උද්ගතව ඇති දුෂ්කර තත්ත්වය හමුවේ...

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...